ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර බස්නාහිර පළාතෙන් පිටව යන්න එපා

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමට පෙර බස්නාහිර පළාතෙන් පිටව යන්න එපා

බස්නාහිර පළාතට පනවන නිරෝධායන ඇඳිරි නීතිය තාවකාලිකව පැනවෙන බැවින් එය ක්‍රියාත්මක වීමට පෙර බස්නාහිර පළාතෙන් පිටත්ව යෑමට උත්සාහ නොකරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය මත හෙට ( බ්‍රහස්පතින්දා – 29) මධ්‍යම රාත්‍රී 12.00 සිට නොවැම්බර් 02 වන සඳුදා අලුයම 5.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබේ.

දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල නොවැම්බර් 02 වන සඳුදා අලුයම 5.00 න් පසුවත් අකණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

සිකුරාදා දින බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇති බැවින් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර අලෙවිසැල් සහ ඔසුසැල් බ්‍රහස්පතින්දා (29) උදේ 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තබන ලෙසයි යුද හමුදාපතිවරයා ඉල්ලා සිටින්නේ.

නොවැම්බර් 02 න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර අලෙවිසැල් සහ ෆාමසි මින් පෙර ප්‍රකාශයට පත් කළ පරිදි දින දෙකක් විවෘත වේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.