ශ්‍රී ලංකා ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟවෙයි

ශ්‍රී ලංකා ජනගහනයෙන් 20% කට කොවිඩ් එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟවෙයි

මෙරට ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 සඳහා වන එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එකඟ වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා.

ඒ අනුව අරමුදල් සැපයීම, එන්නත ලබා දිය යුත්තේ කුමන පිරිස්වලටද යන්න තීරණය කිරීම, අදාළ භෞතික සම්පත් කළමනාකරණය කිරීම, තොරතුරු ලබා ගැනීම සහ කරුණු ගොනු කිරීම මෙම කමිටුව විසින් වගකීම දරනු ඇති.

කෝවිඩ් -19 වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ අදාළ එන්නත භාවිතා කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මෙම සාකච්ඡාවට ඖෂධ සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වුනා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.