ශ්‍රී ලංකාවේ 20 වන කොරෝනා මරණය අද  වාර්තා වුනා

ශ්‍රී ලංකාවේ 20 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 20 වන කොරෝනා මරණය අද වාර්තා වුනා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 54 හැවිරිදි කාන්තාවක් ඊයේ (31) මෙලෙස මියගොස් තිබෙනවා.

ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ මේ වන විට රට තුලින් වාර්තාවන මුළු කොරෝනා ආසාදන සංඛ්‍යාව 10,424 ක් බවයි.

කොරෝනා වයිරසය හේතුවෙන් පුද්ගලයින් 6,123 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

මේ වන විට ආසාදිත පුද්ගලයින් 4,282 ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.