ශ්‍රී ලංකාවේ 21 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 21 වන කොරෝනා ආසාදිත මරණය වැලිසර ළය රෝහලෙන් අද වාර්තා වුනා. මියගිය පුද්ගලයා මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

අධි රුධිර පීඩනය සහ ශ්වසන පද්ධතියේ ආසාදනය හේතුවෙන් මෙම පුද්ගලයා ඔක්තෝබර් 23 වන දා රෝහල් ගත කර තිබෙනවා.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකශකළේ පළමු PCR පරීක්ෂණය‍ට අනුව ඔහුට කොරොන වයිරස් රෝගය වැලඳී නැති බවට වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් එම පුද්ගලයා ඊයේ මියගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදු කළ PCR පරීක්ෂණය‍ට අනුව ඔහු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.