ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මේ මස පළමුවැනිදා කොළඹ ජම්පටා වීදියේ පිහිටි නිවසකදී මිය යෑමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කළ 68 හැවිරිදි කාන්තාවකට කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් තහවුරු කර තිබෙනවා.

රජ‌යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවන්නේ මියගිය කාන්තාවගේ පවුලේ සාමාජිකයෙකුට මීට පෙර කොවිඩ් -19 ආසාදනය ඇති බවට හඳුනාගෙන ඇති අතර සෙසු සාමාජිකයින් ද නිවාස නිරෝධායනය යටතේ තබා ඇති බව යි.

ඇයගේ මරණයට ආසන්නතම හේතුව කෝවිඩ් නියුමෝනියාව බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ නිවේදනයක දැක්වෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් 22 වන කෝවිඩ් ආසාදිත මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවට තහවුරු කරන බව රජ‌යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.