ශ්‍රී ලංකාවේ 22 වන කොරෝනා මරණය නොසලකා හැරීමට තීරණය කරයි

කොවිඩ් 19 ආසාදිත මරණයක් ලෙස ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 22 වන කෝවිඩ් මරණය එම වෛරසය ආසාදනය වීමෙන් වූ මරණයක් ලෙස නොසලකා හැරීමට තීරණය කර ඇති බව සඳහන් කරමින් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා විසින් නිකුත් කරන ලද ලිපියක් උපුටා දක්වමින් මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.

-උපුටා ගැනීම-

2020 ඔක්තෝබර් මස 31 වන දින පානදුර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු කොවිඩ් 19 ආසාදිතයෙක් බව පසුව තහවුරු කරන ලදී. මෙම පුද්ගලයා කොවිඩ් 19 ආසාදිතයන් අතර සිදුවු 22 වන මරණය ලෙස වසංගත රෝග විද්‍යා අංශය විසින් වාර්තා කරන ලදී. එහෙත් මෙම මරණයට කොවිඩ් 19 රෝගයේ දායකවීමක් නොමැත.

කොවිඩ් 19 රෝගයේ බලපෑම තක්සේරු කිරීම සඳහා වැදගත් වන්නේ එම රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණ බැවින් එම මරණය වෙනම වාර්තා කිරීමට තීරණය කර ඇත.

මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 නිසා සිදුවු මරණ සංඛ්‍යාව 21ක් පමණක් බව වාර්තා කරමි.

වෛද්‍ය සුදත් සමරවීර
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ

-උපුටා ගැනීම අවසන්-

අද (02) පෙරවරු 11.55 ට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා නික්තු කළ මාධය නිවේදනයකිප් පවසා තිබුනේ මෙරට 22වන කොවිඩ් මරණය වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළ බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.