ශ්‍රී ලංකාවේ 23 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 23 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 23 වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යෂ ජෙනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක් ඊයේ (02) සිය නිවසේදී මිය ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය කෝවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ එම කාන්තාව උණ, කැස්ස සහ උගුර ආසාදනයෙන් පෙළී ඇති බවත් පෙනහළු ආසාදනයක් මරණයට ආසන්නතම හේතුව ලෙස හඳුනාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 23 වන කොවිඩ් -19 ආසාදන මරණය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.