ශ්‍රී ලංකාවේ 41 වන කොරෝනා මරණය වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ 41 වන කොරෝනා මරණය වාර්තා වෙයි

41 වන කොරෝනා මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා. මියගිය පුද්ගලයා රාගම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත කරමින් පවසන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම පුද්ගලයා නිවසේදීම මිය ගොස් ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස දිගු කලක් තිස්සේ පැවති පිළිකා තත්වයක් කෝවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් උග්‍රවීමක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment