මෙරට කොවිඩ් මරණ 44ක් දක්වා ඉහළට

මෙරට කොවිඩ් මරණ 44ක් දක්වා ඉහළට

අද දින (11) මෙරටින් තවත් කෝවිඩ් මරණ 03 ක් වාර්තා වනවා. මෙලෙස කොළඹ 11 සහ කැළණිය යන ප්‍රෙද්ශවල පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කොළඹ 11 ප්‍රදේශයේ 40 හැවිරිදි පුද්ගලයෙකු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර මරණයට හේතුව කෝවිඩ් 19 ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මියගිය අනෙක් පුද්ගලයා කැළණිය ප්‍රාදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇති අතර ඔහු මේ මස 1 වනදා සිට හම්බන්තොට දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙක්.

ඔහුගේ මරණයට හේතුව වී ඇත්තේ කෝවිඩ් 19 ආසාදනය උග්‍රවීම නිසා ඇති වූ හෘදයාබාධයක් ලෙසටයි නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, ශ්‍රී ලංකා වෙන් වාර්තාවන 42 වන කොවිඩ් මරණය අද පස්වරුවේ වාර්තා වූ අතර, මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඔහු පොලිස් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ කොරෝනා ආසාදනය හේතුවෙන් හෘදයාබාධයක් ඇතිවීමෙන් ඔහු මිය ගොස් ඇති බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කෝවිඩ් මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ යනු ඇති.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment