රටේ වායු දූෂණය මට්ටමේ අසාමාන්‍ය වැඩිවීමක්

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මතා ප්‍රකාශ කළේ කොළඹ, මහනුවර, පුත්තලම්, වවුනියාව, යාපනය සහ වෙනත් ප්‍රදේශවල වායුගෝලයේ අංශු ද්‍රව්‍ය මට්ටම මෙම මස 27 වනදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

වායුගෝලයේ අංශු ද්‍රව්‍යවල අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ඉන්දීය උප මහද්වීපයේ ඉහළ අහසේ සිට වායු දූෂක ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේ වායුගෝලයට ඇතුළු වීම බව මේ වන විට හඳුනාගෙන ඇතැයි ඔහු පැවසීය.

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා තවදුරටත් අදහස් දක්වමින්,

මේ දවස්වල ඇඳිරිනීතිය තත්ත්වය යටතේ රථවාහන සෑහෙන දුරට අඩුවෙලා තියෙද්දි සාමාන්‍යයෙන් වායු දූෂණය අඩුවෙලා තිබුණේ.

නමුත් එකවර මේ වැඩිවීම මොකද්ද කියලා විශ්ලේෂණය කරලා බලද්දි, අපේ දත්ත සටහනට අනුව, ලෝක වායු ගුණ තත්ත්වයන් විහිදී ඇති ආකාරය ප්‍රචාරය කරන එයාර් විෂුවල් ආයතනයේ දත්තයක් සැළකීමේ දී පෙනී ගියේ ඉන්දීය මහද්වීපයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල වායුගෝලයේ තියෙන දූවිලි මට්ටම හා වායු දූෂණය ඉහළ යෑම නිසා ඒවායින් යම්කිසි බලපෑමක් වෙලා තියෙනවා ලංකාවට.

ප්‍රධාන වශයෙන් ලංකාව අවට තියෙන වායු ගෝලයේ සුළං රටාව වෙනස් වෙලා තියෙනවා.

ඒ වෙනස් වීමත් එක්ක ලංකාව තුළටත් මේක ගමන් කරලා තියෙනවා. ඒක නිසා තමයි විශේෂයෙන්ම ලංකාවේ මධ්‍යම, උතුරු පළාත්වල වගේ සෑම ප්‍රදේශයකම යම්කිසි වැඩිවීමක් පෙන්නුම් කරා.

මේ නිසා සාමාන්‍යයෙන් සංවේදී පුද්ගලයින්ට යම්කිසි ස්වසන ආබාධ ඉහළයෑමේ හැකියාවක් පවතිනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.