අද සහ හෙට සියලුම දුම්රිය අවලංගුයි

අද සහ හෙට සියලුම දුම්රිය සේවා අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

දැනට ධාවනය වන කාර්යාල සහ ප්‍රාදේශීය දුම්රිය මේ මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව යි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන සියලුම බස් සේවා 15 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටවා තිබෙනවා.

බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට ගමන් කිරීම තහනම් කිරීම මෙයට හේතුව වනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.