තුර්කියේ භූමිකම්පාවෙන් සුන්බුන් අතර සිරවූ දැරියක් දින 04කට පසුව බේරා ගැනේ

තුර්කියේ භූමිකම්පාවෙන් සුන්බුන් අතර සිරවූ දැරියක් දින 04කට පසුව බේරා ගැනේ

තුර්කියේ ඇතිවූ භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර සිරවී සිටි සිව් හැවිරිදි දැරියක් දින හතරකට පසුව බේරාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා වලට අනුව දිවි ගලවා ගත් දැරිය අයිඩා ගෙස්ජින් ( Ayda Gezgin)වන අතර ඇගේ පියා ද එම ස්ථානයට පැමිණ සිටියේ.

රික්ටර් පරිමාණ 7ක අගයක් සටහන් කරමින් ඇති වූ භූමිකම්පාවකින් තුර්කියේ හා ග්‍රීසියේ පුද්ගලයින් 102 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දිවි ගලවා ගත් අයඩා ගෙස්ජින් සුන්බුන් අතර සිරවී සිටිනු දුටු සහන සේවකයෙක් වන නුස්රෙට් අක්සෝයි (Nusret Aksoy) පැවසුවේ තමාට මුලින්ම ඇසුණේ දරුවකුගේ කෑගැසීමක් බවයි.

පසුව ඔහු සහ අනෙකුත් සහන සේවකයින් එක්ව ඇයව බේරා ගත් අතර ඇය රෙදි සෝදන යන්ත්‍රයකින් ආවරණය වී සිට ඇති බැවින් ඇයට බරපතල තුවාල සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.