බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර ගැන සොයා බලන පොලිස් නිලධාරීන්ටත් කොවිඩ්

කොළඹ අපරාධ අංශයේ නිලධාරීන් 40 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති හෙයින් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ විමර්ශනය කිරීම ගැටළු සහගත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

දැනට වෛරසය ආසාධනය වුනු මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගෙන්ම මේ සඳහා සාක්ෂි ලබා ගත යුතු බැවින් මෙම ගැටලුව පැන නැගී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා තවදුරටත් අදහස් දක්වමින්,

“නීතිපතිවරයාගේ උපදෙස් ලැබුණු විගස මෙය විමර්ශනය සඳහා කොළඹ අපරාධ අංශය වෙත යොමු කළා.

නමුත් පොඩි ප්‍රශ්නයක් තියනවා. කොළඹ අපරාධ අංශයේ නිළධාරීන් 40 කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

එ් හේතුවෙන් අපරාධ අංශයේ නිලධාරීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා. ඒ සමඟම එම පරීක්ෂන සිදු කිරීම දුෂ්කර යි.

ඊළඟ කාරණය වෙන්නේ මිනුවන්ගොඩ පිහිටි එම කර්මාන්තශාලාවේ විවිධ සේවකයින්ගෙන් මේ සඳහා සාක්ෂි සටහන් කළ යුතු වීම. මේ නිසා යම් ප්‍රමාදයක් වෙලා තියෙනවා.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණය දිගටම කරගෙන යන්න පොලිස්පතිවරයා උපදෙස් දී තිබෙනවා. කොළඹ අපරාධ අංශයේ අධ්‍යක්ෂවරයා ආසාදන තත්වය හේතුවෙන් ඇති වූ අපහසුතාවයන් පිළිබඳව දැනුම් දී තිබුණා. කෙසේ වෙතත්, විමර්ශනය දිගටම කරගෙන යාමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.”

මේ අතර, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කණ්ඩායම පිළිබඳව වහාම තමන්ට තොරතුරු ලබා දෙන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (05) වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දුන්නා.

මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බව තමා නිරීක්ෂණය කළ බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.