බැංකු ණය පොලිය අඩු කිරීමට ආණ්ඩුව මහත් වෙහෙසක් දරන බව පෙනේ. බැංකු පොලී අනුපාත ගැන සොයා බලන විශේෂ කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුවේ යෝජනා අනුව ණය පොලිය සියයට දහය දක්වා අඩුකරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබේ.
ශ‍්‍රී ලංකා මහ බැංකුව තැන්පත් හා ණය පොලී අනුපාත පාලනය කරනු සඳහා තද පියවර ගෙන ඇති අතර එමඟින් මෙරට බැංකු තරගකාරීව කරගෙන යන පොලී වැඩිකිරීමට බාධා කරනු ඇතැයි සැලකේ. ණය පොලියෙන් ව්‍යවසායකයන් ගලවා ගැනීම අරමුණු කරගෙන ගෙන යන මෙම පියවරට ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුකරුවන් ඇතුළත් කර නොගන්නේ ඇයි? දේශීය හා විදේශීය වශයෙන් ගනුදෙනු කළ හැකි ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන වාණිජ බැංකු ඒවායේ සේවා ගාස්තු හා හිඟ ගෙවීම්වලට අයකරන ගාස්තු දරුණු සේ වැඩිකර තිබේ. මුදල් පරිහරණය අවම කරන දියුණු ආර්ථික ව්‍යුහයක් අපේක්ෂා කරන කාල වකවානුවක අධික පොලිය හා සේවා ගාස්තු කාඩ්පත් හිමියන් අධෛර්යවත් කරයි.
මෙරට වාණිජ බැංකුවල ආදායම තරකරන මාර්ග දෙකක් තිබේ. එකක් රන් උකස් ගැනීමයි. එය දුප්පත් සාමාන්‍ය ජනතාවගේ එකම වස්තුව ඇපයට තබාගෙන ණයක් දෙන ක‍්‍රමයකි. කිසිම අවදානමක් නැති මෙකී ණය ක‍්‍රමයට වැඩිම පොලියක් අය කරන අතර වසරක් ඇතුළත ණය හෝ පොලිය නොගෙවුවහොත් රන් භාණ්ඩ වෙන්දේසි කරයි. අනෙක ක්‍රෙඩිට් කාඩ් ක‍්‍රමය බව දැක්වීම අවශ්‍යය. ගනුදෙනු කරන ණයපත්වල සම්පූර්ණ මුදල නියමිත දිනයට ගෙවීම අතපසුවුවහොත් එය දැවැන්ත උගුලකට හසුවීමකි.
ප‍්‍රමාද ගාස්තු, දඩ පොලිය තවත් බර දරන්නට ගනුදෙනුකරුට සිදුවෙයි. ශ‍්‍රී ලංකාව තුළ වේගයෙන් ව්‍යාප්ත වූ ක්‍රෙඩිට් කාඩ්වලට අනුගත වූ පිරිස විශාලය. එයින් සෑහෙන පිරිසක් අමාරුවේ වැටී සිටිති. සිය ණය ගෙවාගත නොහැකිව එයට පොලිය පමණක් ගෙවන තැනට පත්ව ඇත. සමහර කාඩ්පත් හිමියෝ ණය කාර්යාංශයේ අසාදු ලේඛනයට එනම් කළු ගනුදෙනුකරුවන්ගේ ගණයට පත් වී හමාරය. ආණ්ඩුව මෙකී ස්වභාවය නොදන්නවා නොවේ. පසුගිය ජනාධිපතිවරණයේදී දින සියයකින් කරන වැඩ ලැයිස්තුවක් ප‍්‍රකාශයට පත්කළේය. ක්‍රෙඩිට් කාඩ් පොලිය කපාහැරීම එහි එක කාරණයක් විය. ජනතාවට දැනෙන බලවත් තර්ජනයක් බව ඡන්දයේදී වැටහෙන නමුත් බලයට පැමිණි පසු එය නොතකා නොසලකා හැරීම නුසුදුසුය.
වාණිජ බැංකුවලට ක්‍රෙඩිට් කාඩ් කොපමණ ධන උල්පතක්දයත් බැංකු නොවන ව්‍යාපාර පවා එයට අවතීර්ණ විය. සිංගර් ෆිනෑන්ස් සමාගම 2015 ඔක්තෝබර් මැද භාගයේ ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරන අවසරය ලබා ගත්තේය. ශ‍්‍රී ලංකා මහ බැංකුව පළමු වතාවට බැංකුවකින් බැහැර ආයතනයකට එම අවසරය දී තිබුණ බව සඳහන් කළ යුතුය. නොබෝදා සිංගර් ක්‍රෙඩිට් කාඩ් අංශය සිය මෙහෙයුම් අත්හැර දැමීය. සිය පාරිභෝගිකයන්ට යෝජනා කර සිටියේ වෙනත් බැංකුවක් ක්‍රෙඩිට් කාඩ් ක‍්‍රමයක් සමඟ එකතුවන ලෙසය. වසර තුනක් පමණ කාලයක් තුළ ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරයේ නිරතව සිටි සිංගර් ෆිනෑන්ස් ආයතනය සම්පූර්ණයෙන් ෆිනෑන්ස් කටයුතු වෙනුවෙන් අවධානය යොමුකරන බව මහ බැංකුවට දන්වා ඇති අතර මහ බැංකුව අද වනතුරැ මෙම තීරණය ගැන මෙරට ජනතාවට නිසි අන්දමට නිවේදනය කර නැත.
මහ බැංකුව හෝ ආණ්ඩුව ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති ඉරණම ගැන ගැඹුරින් අවධානයක් යොමුකර නැත. 2018 ඔක්තෝබර් මාසය වනවිට මෙරට කාඩ්පත් හිමියන් නොගෙවා තිබුණ ණය ප‍්‍රමාණය රු. මිලියන 101,353 ක් බව අනාවරණය වෙයි. එය එයට කලින් මාසයේ එනම් සැප්තැම්බර් මාසයේ තිබුණ රු. මිලියන 99,763 සමග සසඳන විට විශාල ඉහළ යෑමකි. 2000 වසර අවසානයේදී මෙරට සම්පූර්ණ ක්‍රෙඩිට් කාඩ් ණය ප‍්‍රමාණය රැ. මිලියන 31,133 ක් බව සලකන විට වසර අටක් තුළ මෙරට පුරවැසියන් ක්‍රෙඩිට් කාඩ් මගින් ණය වී ඇති තරම හිතා ගැනීම අපහසු නැත.
ජනතාව මෙපමණ ණය වෙන්නේ ඇයි? එය ඉතා වැදගත් ප‍්‍රශ්නයකි. එදිනෙදා ජීවත්වීමට ණය නොගෙන බැරි සමාජයක් නිර්මාණය වී තිබේ. ණය වෙනුවට ක්‍රෙඩිට් කාඩ්වලට හුරු වී ඇති මැද පන්තියේ ජන කොටස ඒවාට පොලිය ගෙවමින් විශාල ප‍්‍රශ්නයකට මැදි වී සිටිති. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මෙරට ගෘහ ඒකකයක වියදම් වලින් සියයට 34.8 ක් ආහාර පාන වෙනුවෙන්ය. ආහාර නොවන වෙනත් දේ එනම් ඇඳුම් පැළඳුම් පමණක් නොව දුම්කොළ හා මත්පැන් වැනි දේ සඳහා ආදායමෙන් සියයට 22.1 ක් වියදම් කරති. මෙකී වියදම් වලින් සෑහෙන කොටසක් කරන්නේ ක්‍රෙඩිට් කාඩ්වලින් බව මෙරට සුපිරි වෙළඳ සංකීර්ණවල සිදුවන ගනුදෙනු පිරික්සීමෙන් නිරීක්ෂණය කළ හැකිය. එය පෙන්වන්නේ දැරිය නොහැකි තරම් වන වියදම ආවරණය කරගැනීමට ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන සමාජයක් බිහි වී ඇති බවයි.
මූල්‍ය වාර්තා පෙන්වා දෙන අන්දමට මෙරට භාවිතා වන ක්‍රෙඩිට් කාඩ්වලින් සියයට අසූවක්ම බස්නාහිර පළාත තුළ පදිංචිකරැවන්ට අයත්ය. එම පිරිස පිට පළාත්වලින් පැමිණ තමන්ගේ අභිවෘද්ධිය උදෙසා මහන්සි වන පිරිසකි. නගරයට සංක‍්‍රමණය වී හොඳ ජීවිතයකට සැලසුම් කරන මෙම පුරවැසියෝ බැංකුවලින් හඳුන්වා දෙන ක්‍රෙඩිට් කාඩ්වලට හුරු වී අනවශ්‍ය වියදම්වලට නැඹුරු වන අතර ඒවා නිසි කලට ගෙවාගත නොහැකි වීමෙන් අර්බුදයකට පත්ව සිටිති. එය අද පවතින සංවර්ධනයේ බරපතළ දෝෂයක් බව දැක්විය යුතුය. ජනතාව ජීවත් කරන ආර්ථිකයක් හදන්නට අපොහොසත් වී ඇති පාලකයෝ එම ක‍්‍රමය තුළ පෝෂණය වන බැංකු හා මුල්‍ය ක‍්‍රමයක් සකස් කර ඇති අතර එය අනාගතයේ දී තවත් භයානක විපත් ඇති කරනු නිසැකය.
ක්‍රෙඩිට් කාඩ් සමාගම් සිය ගනුදෙනුකරැවන්ගේ නොගෙවූ ගනුදෙනු වෙනුවෙන් අය කරන පොලිය ඉතා බරපතළය. අගමැතිවරයා ණය පොලිය සියයට දහයක් බව කරන බව සඳහන් කරන විට මෙරට බැංකු ක්‍රෙඩිට්කාඩ් පත්වල නොගෙවූ හිඟ මුදල මත සියයට තිස් දෙකක වාර්ෂික පොලියක් අය කරයි. එය ගිනි පොලියක් වශයෙන් මහ බැංකුව කල්පනා නොකරන්නේ මන්ද? කාඩ්පතේ ණය සීමාව ඉක්මවා ගියහොත් අතිරේක ගාස්තුවක් අය කරන අතර එය බැංකුවෙන් බැංකුවට වෙනස්ය. රු.500 සිට 2000 දක්වා බව අනාවරණය වෙයි. නියමිත දිනයේදී ගනුදෙනු කළ මුළු මුදල නොගෙව්වහොත් අවුරුද්දකට අයකරන පොලියට අමතරව සම්පූර්ණ මුදල නොගෙවන ලද පදනම මත දඩ මුදලක් ද අය කෙරේ. මාසයක දී ගනුදෙනු කිරීම මගහැරැණහොත් එයට අය කරන දඩය, සහ හිඟ මුදල මත අය කරන පොලිය අනුව ගනුදෙනුකරැ කිසිදා ගෙවා අවසන් කළ නොහැකි තරමට ණයකාරයෙකු බවට පත් කරයි.
මෙරට මූල්‍ය අංශයේ ප‍්‍රතිපත්ති සම්පාදකයෝ ක්‍රෙඩිට් කාඩ් පරිහරණයේ පවතින දැඩි ග‍්‍රහණය ගැන සොයා බැලීම සුදුසුය. විශ්වවිද්‍යාලවල තරුණ පර්යේෂකයන් මෙරට මැදි ආදායම් ජන කොටස මෙම පැති ගැන පර්යේෂණ කරන්නට අවශ්‍යය. වාණිජ බැංකු මූල්‍ය වාර්තා පිරික්සන විට ඒවායේ වාර්ෂික ලාභය රු.බිලියන පහක සිට දහය දක්වා ඉහළ පරාසයකය. සාමාන්‍ය ජනතාවගේ රන් භාණ්ඩ උකසට ගෙන හෝ ක්‍රෙඩිට් කාඩ් වලින් ලබාගන්නා පොලිය මෙම ලාභයේ සෑහෙන කොටසකි. නිසි පරිදි ගනුදෙනු නොකරන සහ උවමනාවෙන්ම මාසික පරිහරණ වියදම ගෙවීම පැහැරහරින ගනුදෙනුකරැවන්ගේ ක්‍රෙඩිට් කාඩ්පතට පොලිය එකතු කිරීම නරක අදහසක් නොවේ. නමුත් ආණ්ඩුව දැන් කියන ණය පොලී අනුපාතය මෙන් තුන් ගුණයකටත් වඩා පොලියක් නියම කරන තුරු බලාසිටීම වගකිව යුතු අංශවල යුතුකම නොවේ. මහ බැංකුව මෙම ප‍්‍රශ්නය ගැන වඩා බැරෑරුම්ව අවධානය යොමුකළ යුතුය. (ගාමිණී සරත් ගොඩකන්ද)
ඇත්ත විත්ති – ඇත්ත ඇති සැටියෙන් දැනගන්න පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට සහ සමූහයට.
We are a group of volunteers and starting a new scheme in our community.
Your site offered us with valuable info to work on. You have done a formidable job and our whole community will be grateful to
you.
What a stuff of un-ambiguity and preserveness of precious
knowledge concerning unexpected feelings.
Does your site have a contact page? I’m having trouble locating it but, I’d like to send
you an e-mail. I’ve got some ideas for your blog you might be interested in hearing.
Either way, great site and I look forward to seeing it expand over
time.
There’s definately a lot to learn about this topic.
I love all of the points you have made.
Helpful info. Lucky me I found your web site
unintentionally, and I am stunned why this coincidence didn’t
took place in advance! I bookmarked it.
I know this if off topic but I’m looking into
starting my own weblog and was wondering what all is needed to get setup?
I’m assuming having a blog like yours would cost a pretty penny?
I’m not very internet savvy so I’m not 100% certain. Any recommendations or advice would be
greatly appreciated. Thank you
hello!,I really like your writing so much! proportion we
communicate more about your article on AOL? I need an expert on this area to unravel my problem.
May be that is you! Taking a look forward to look you.
This site certainly has all the info I wanted
about this subject and didn’t know who to ask.
Great work! That is the type of info that are
meant to be shared around the web. Disgrace on the search engines for not positioning this put up higher!
Come on over and visit my site . Thank you =)