කාදිනල්තුමාගෙන් විශේෂ ඉල්ලීමක්

රට තුළ පවතින කෝවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශයට මහජන සහයෝගය ලබා දිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් හිමියන් කියා සිටියේ සෞඛ්‍ය අංශයේ උපදෙස් පිළිගැනීම මේ මොහොතේ සියලු දෙනාගේ වගකීම බවයි.

“කොවිඩ් උවඳුර ආරම්භ වුණ වෙලාවේ දී ඒ සඳහා විශාල කැපකිරීමකින් සේවය කරපු සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අපේ නිලධාරී මහත්ම මහත්මීන්, ආරක්ෂක අංශවල නිලධාරීන්ටත් සියලුදෙනාටම අපි ඒ විදියට ස්තූතිවන්ත වෙමින්, ඒ අය අපිට දැන් නැවත වරක් දෙන අවවාද අනුශාසනා අකුරටම පිළිපඳින්නට අපි කටයුතු කළ යුතුයි.

ඒ නිසා මීටරයක දුරස්ථභාවය පවත්වා ගැනීම, ජන සමාජයේ ජීවත් වෙනකොට අනිත් අය ඇසුරු කරන කොට මුව ආවරණයක් පැළඳිම, ප්‍රසිද්ධ ස්ථානවලට යනවිට අත සෝදාගෙන යෑම ඒ සියලු දෙයක්ම අපි ඉතාමත් විශ්වාසවන්ත ලෙස ඉටුකළ යුතුයි අපේ රට වෙනුවෙන්.

ඒ නිසා අපේ රට වෙනුවෙන් ලෝකය වෙනුවෙන් මිනිස් වර්ගයා වෙනුවෙන් ලොකු උනන්දුවකින් ඉෂ්ට කිරීමට කැපවෙමු.“


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.