සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් දීපවාලි සමරන්න

සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් දීපවාලි සමරන්න

සෞඛ්‍ය හා ආරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරමින් දීපවාලි සැමරීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

වතුකරයේ ජනතාව සහ හින්දු ප්‍රජාව අතර කෝවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් දීපවාලි උත්සවය සැමරිය යුතු බව අමාත්‍යාංශය පවසයි.

කොළඹ, ගම්පහ සහ කළුතර වැනි අවදානම් සහිත ප්‍රදේශවලින් වෙනත් පළාත්වලට ගමන් කිරීම සීමා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ, ප්‍රකාශිත සෞඛ්‍යය උපදෙස්වලට දැඩිව අනුගත වෙමින් සියලු දෙනා ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.