මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි

මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වසා දමයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මහජනයා සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව තැපැල්පතිවරයාට දන්වා සිටිනවා.

තම ආයතනයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 රෛසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් මෙම තීරණය ගනු ලබන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවාවන් අත්හිටවනු ලබන බවත් එහි සේවකයින් 30 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවත් ඒ මහතා පවසනවා.

කෙසේ වෙතත්, මෙය රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ බෙදා හැරීමේ සේවාවන්ට බාධාවක් නොවන බව තැපැල්පති වරයා පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.