කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත මෙහෙයුම් ආරම්භ කරයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව නැවත මෙහෙයුම් ආරම්භ කරයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අද (09) සිට අදියර කිහිපයක් යටතේ නැවත ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

ඒ අනුව එහි ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය සීඝ්‍රගාමී කුරියර් සේවා අද සිට දියත් කරන බවයි ඒ මහතා පවසන්නේ.

ලියාපදිංචි ලිපි අංශයයේ තේරීම් කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිත බවයි තැපැල්පතිවරයා පවසන්නේ.

ඒ අනුව කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි රජයේ කාර්යාල වෙත ලියාපදිංචි ලිපි බෙදා හැරීම 11 වනදා ආරම්භ කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ පවතින වතාවරණය හේතුවෙන් සීමිත කාර්ය මණ්ඩලයක් සේවය කිරීම නිසා රාජකාරි ඉටු කිරීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.

අහඹු PCR පරීක්ෂණයකින් පසු කොවිඩ් ආසාදිත රෝගීන් තිදෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ මෙහෙයුම් කටයුතු මේ මස 5 වන දින සිට අත්හිටුවා තැබුනා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.