ඉදිරි දිනවල කාළගුණයේ වෙනසක්

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ සවස් වරුවේ හෝ රාත්‍රි කාළයේ මෙම තත්වය ඇතිවිය හැකි බවයි.

දෙවන අන්තර් මෝසම් කාලගුණය දිවයින පුරා ක්‍රමයෙන් ස්තාපිත වෙමින් පවතින බැවින් ගිගුරුම් සහිත වැසි සහ කෙටි කාලීන තද සුළං අපේක්ෂා කෙරෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු අඟවන්නේ ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.