කොළඹ තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට හුදෙකලා කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල වීදිය සහ කොම්පඤ්ඤ වීදිය පොලිස් බල ප්‍රදේශ සඳුදා අලුයම 5.00 සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ 17 ක් වනවා.

මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලනිය, ජා-ඇල, මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කඩවත යන පොලිස් බල ප්‍රදේශ වලට පනවා ඇති හුදකලා තත්වය දිගටම පැවැත්වෙනු ඇති.

ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට හුදකලා කර ඇති ප්‍රදේශ හෙට අලුයම 5.00 සිට හුදකලා තත්වයෙන් නිදහස් කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් මෙම ප්‍රදේශ හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.