විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට යලි ඇරඹේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවා අද සිට යලි ඇරඹේ

අද සිට කොන්සියුලර් සේවා නැවත ආරම්භ කිරීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා අත්හිටවූ කොන්සියුලර් අංශයේ ලේඛන සහතික කිරීමේ සේවාවන් අද සිට නැවත ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා.

සීමිත පිරිසකට පමණක් දිනපතා උදේ 10.00 සිට පස්වරු 2.00 දක්වා සේවාවන් විවෘත වන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඒ අනුව, 0112 338 812 අමතා හෝ consular.mfa.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම සේවා ලබාගැනීම වෙනුවෙන් දිනයක් කල්තියා වෙන් කරවා ගත යුතුයි.

කෙසේ වෙතත් හුදෙකලා ප්‍රදේශවල වෙසෙන ජනතාවට මෙම සේවා ලබා ගැනීම සඳහා පරිශ්‍රයට ඇතුළුවීමට අවසර හිමිවනනේ නැහැ.

මේ අතර, මාතාර සහ යාපනයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල සුපුරුදු පරිදි සතියේ දිනවල මහජනතාව සඳහා විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.