ලබන සතියේ සිට කොරෝනා ප්‍රතිදේහජනක පරීක්ෂණ මෙරටදී

ලබන සතියේ සිට කොරෝනා ප්‍රතිදේහජනක පරීක්ෂණ මෙරටදී

කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා ලබන සතියේ සිට මෙරට ප්‍රතිදේහජනක පරීක්ෂණ හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ ඒ සඳහා මේ වන විට රසායනාගාර තුල ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල පරීක්ෂා කරමින් සිටින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරිත්‍යාගයක් ලෙස මෙම පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවට ලැබී ඇති බව ඔහු පැවසුවා.

පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි ඉක්මනින් හා පහසුවෙන් මෙම ක්‍රමය මගින් හඳුනාගත හැකි බව ඔහු පැවසුවා.

කොරෝනා ප්‍රතිදේහජනක පරීක්ෂණය දැනට වෛරසය හඳුනා ගැනීමට සිදු කරන පී.සී.ආර් පරීක්ෂණයට වඩා කඩිනමින් සහ අඩු වියදමකින් සිදුකළ හැකි බවත් වෛරසයේ දැඩි බලපෑමට ලක්ව සිටින විවිධ රටවල් මෙම ක්‍රමය භාවිතා කරන බවත වාර්තා වනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.