තවත් මරණ 05ක් – ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට

තවත් මරණ 05ක් – ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ (17) කොරෝනා ආසාදනය හේතුවෙන් තවත් 5 දෙනෙකු මිය යාමත් සමඟ යි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇත්තේ වයස අවුරුදු 65 සහ 82 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 69, 71 සහ 81 යන වයසස්වල පසුවූ කාන්තාවන් තිදෙනෙක්.

65 හැවිරිදි පිරිමි පුද්ගලයා කොළඹ 10 හි පදිංචිව සිටි අයෙක්. ඔහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට හා පසුව වෙලිකන්ද මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මරණයට හේතුව අධි රුධිර පීඩනය සමග කොරෝනා ආසාදනයයි.

දියවැඩියා රෝගයේ සංකූලතා සහ කොරෝනා ආසාදනය හේතුවෙන් දෙමටගොඩ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පුද්ගලයෙකු නිවසේදීම මියගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා.

රත්මලාන ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 69 හැවිරිදි කාන්තාවක් සහ කිරුලපන ප්‍රෙද්ශයේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් නිවෙස්වලදී මිය ගිය බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් දෙදෙනාගේම මරණයට හේතුව දියවැඩියාව හා අධි රුධිර පීඩනය සංකූලතා සහිත කොරෝනා ආසාදනයන්.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මියගිය 81 හැවිරිදි කාන්තාව කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. කොරෝනා ආසාදනය සහිත නියුමෝනියාව ඇගේ මරණයට හේතුව බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment