තවත් කොරෝනා මරණ හතරක්: 13,000 කට ආසන්න ප්‍රමාණයක් සුවය ලබයි

තවත් කොරෝනා මරණ හතරක්: 13,000 කට ආසන්න ප්‍රමාණයක් සුවය ලබයි

කොරෝනා ආසාදනය හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ මියගොස් තිබෙනවා. මියගිය අය වයස අවුරුදු 27, 59 යන කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 70, 86 පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු වනවා.

කොළඹ ජාතික රෝහලේ දී කොරෝනා ආසාදිතයෙක් ලෙස හදුනාගෙන මුල්ලෙරියාව රෝහලට ඇතුළත් කළ 27 හැවිරිදි කාන්තාවක් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි ඇයගේ මරණයට හේතුව කොරෝනා ආසාදනය හේතුවෙන් උග්‍ර වූ අක්මා රෝගයක්.

කළුතර දිස්ත්‍රික්කයේ පොකුණ්‍රවිට ප්‍රදේහයේ පදිංචිව සිටි 59 හැවිරිදි කාන්තාවක් සිය නිවසේදී මියගොස් තිබෙනවා. රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පැවසුවේ ඇය පපුවේ ආසාදනයකින් හා කොරෝනා ආසාදනයකින් ඇති වූ අධි රුධිර පීඩනයෙන් මියගිය බවයි.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගයෙක් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිගොස් තිබෙනවා. මරණයට හේතුව කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඇති වූ නියුමෝනියාතත්වයක්.

නිවසේදී මියගිය අනෙක් 86 හැවිරිදි පුද්ගලයා කොරෝනා ආසාදනය හේතුවෙන් ඇති වූ පපුවේ ආසාදනයකින් මියගිය බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ හල්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මේ සමඟ රටේ කොරෝනා ආසාදනය හේතුවෙන් සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 73 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 437 ක් ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඒ පෑලියගොඩ කොරෝනා පොකුරට අයත් වූවන් පිරිසක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ රටේ මුළු කොරෝනා ආසාදන සංඛ්‍යාව 18,841 ක් බවයි.

වෛරසය ආසාධනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5865 ක්. මේ අතර, කොරෝනා ආසාදිත පුද්ගලයින් 316 දෙනෙකු ඊයේ සුව ලැබුවා. ඒ අනුව රට තුළ සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 12903 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment