කොරෝනා ආසාදන වලින් බහුතරයක් වාර්තා වන්නේ සමාජයෙන් - GMOA

කොරෝනා ආසාදන වලින් බහුතරයක් වාර්තා වන්නේ සමාජයෙන් – GMOA

කිලිනොච්චිය හැරුනුකොට දිවයින පුරා සියළුම දිස්ත්‍රික්ක වලිම් මේ වන විට කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ එලෙස දැනට හඳුනාගෙන ඇති කොරෝනා ආසාදනවලින් වැඩි ප්‍රමාණයක් සමාජයෙන් වාර්තා වී ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ පෑලියගොඩ සහ මිනුවන්ගොඩ යන කොරෝනා පොකුරු වලට අමතරව අනෙකුත් කොරෝනා පොකුරු වල අවදානමක් පවතින බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.