කොරෝනා ආසාදන සංඛ්‍යාව 8870 දක්වා ඉහළට

කොරෝනා ආසාදන සංඛ්‍යාව 8870 දක්වා ඉහළට

ඊයේ (27) තවත් කොරෝනා ආසාදන 457 ක් හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ රටේ මුළු කොරෝනා ආසාදන සංඛ්‍යාව 8870 ක් බවයි.

කොරෝනා ආසාදනයෙන් පෙළෙන පුද්ගලයින් 4808 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ ආසාදිතයින් 4043 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

මේ අතර, කොරෝනා හේතුවෙන් මරණ තුනක් ඊයේ වාර්තා වුුුුනා.

ඔවුන්ගෙන් එක් අයෙක් කොළඹ පදිංචි නිදන්ගත රෝගවලින් පෙළුුන 19 හැවිරිදි තරුණයෙක්.

මියගිය අනෙක් කාන්තාවගේ වයස අවුරුදු 87 ්.

කොරෝනා ආසාදිත ජා-එල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක් ද ඊයේ පස්වරුවේ මිය ගිා.

ඒ අනුව මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 19 ්.


Aththa Withthi – Truth First like on us Facebook Page and joine to our Facebook Group.