කෝවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු විදේශයන්හි මිය යති

කෝවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු විදේශයන්හි මිය යති

කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 98 දෙනෙකු විදේශ රටවලදී මියගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එලෙස මරණයට පත්වූවන්ගෙන් බහුතරය මැද පෙරදිග රටවල සිටි අය බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු සහ කුවේටයේ සිටි 21 දෙනෙකු කොවිඩ් වෛරසය හේතුවෙන් මියගොස් තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු, කටාර්හි හය දෙනෙකු සහ බ්‍රිතාන්‍යයේ පස් දෙනෙකු මියගොස් ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු මියගොස් ඇති අතර බහරේන්, ජෝර්දානය, ජර්මනිය සහ ඉතාලියේ දෙදෙනෙකු බැගින් මියගොස් තිබෙනවා.

මීට අමතරව, කොවිඩ් 19 වෛරසය හේතුවෙන් එක් ශ්‍රී ලාංකිකයෙක් ඊශ්‍රායලයේ දී මිය ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.