අමෙරිකාව සහ ජර්මනිය එක්ව හැදූ කොවිඩ් එන්නත සාර්ථකයි

අමෙරිකාව සහ ජර්මනිය එක්ව හැදූ කොවිඩ් එන්නත සාර්ථකයි

කොරෝනා වෛරසයට එරෙහිව එක්සත් ජනපදය සහ ජර්මානු සමාගමක් එක්ව නිපදවන ලද එන්නතක් සාර්ථක අවධියකට පැමිණ ඇති බව වාර්තා වනවා.

එහි තුන්වන අදියරේ අත්හදා බැලීම්වලින් 90% කට වඩා සාර්ථක වූ බව එම සමාගම් නිවේදනය කර තිබෙනවා.

කොරෝනා වෛරසය සඳහා එන්නත් සිය ගණනක් ලොව පුරා පරීක්ෂාවට ලක් කර ඇති නමුත් අවසන් අදියර කරා පැමිණ ඇත්තේ ඉන් හයක් පමණයි.

ඒ අතරින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ එන්නත මෑත කාලයේ දී වැඩි අවධානයක් යොමු කර ඇති නමුත් එක්සත් ජනපදයේ ෆයිසර් සහ ජර්මනියේ බයෝ ඇන්ඩ් ටෙක් යන සමාගම් දෙක එක්ව නිපදවන ලද මෙම එන්නත සාර්ථක වී ඇති බව එම සමාගම ඊයේ (09) නිවේදනය කළා.

මෙම එන්නත රටවල් හයක පුද්ගලයන් 43,500 කට අත්හදා බලා ඇති අතර එම අදියරේදී සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි සමාගම් පෙන්වා දෙන්නේ.

මේ වන විට මෙම එන්නත සායනිකව පරීක්ෂා කරන ලද රටවල් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, දකුණු අප්‍රිකාව සහ තුර්කියයි.

මෙම එන්නත කොවිඩ් වෛරසයේ ජාන කේතයේ කොටසක් හරහා ගමන් කොට දුර්වල වෛරසයක් නිපදවා එමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කරනු ලබන බවයි නිෂ්පාදකයින් පවසන්නේ.

මෙම එන්නත මාත්‍රා දෙකකින් ලබා දිය යුතු අතර ඒ සඳහා සති තුනක කාල පරතරයක් අවශ්‍ය වනවා. පරීක්ෂණ වලින් පෙනී යන්නේ දෙවන මාත්‍රාවෙන් දින 7 කට පසු 90% ක ආරක්ෂාවක් ලබා දෙන බවයි පරීක්ෂණ වලින් පෙන්නුම් කෙරෙන්නේ.

ඒ අනුව මෙම මාසය අවසන් වන විට එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ සමාගම් බලාපොරොත්තු වන අතර මෙම වසර අවසන් වන විට එන්නත මාත්‍රා මිලියන 50 ක් නිපදවීමට අපේක්ෂා කරනවා.

අනතුරුව 2021 අවසන් වන විට මාත්‍රා බිලියන 1.3 ක් නිපදවීමට යි නිෂ්පාදකයින් අපේක්ෂා කරන්නේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.