නිරෝධායන ඇඳිරි නීතිය හෙට සිට ඉවතට – ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

බස්නාහිර පළාත සහ අනෙකුත් ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරි නීතිය හෙට සඳුදා (09) අළුයම 05 ට ඉවත් කරනු ලබනවා.

කෙසේ වෙතත්, දිවයින පුරා ඇතැම් පොලිස් ප්‍රදේශ තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස නම්කරන බවයි කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

ඒ අනුව පහත ප්‍රදේශ තවදුරටත් හුදෙකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යෑමටයි තීරණය කර ඇත්තේ.

කොළඹ දිස්ත්‍රික්කය:

  1. මට්ටක්කුලිය
  2. මෝදර
  3. බ්ලූමැන්ඩල්
  4. කොටහේන
  5. ග්‍රෑන්ඩ්පාස්
  6. වෙරළබඩ පොලිස් වසම
  7. ආදුරුප්පු වීදිය
  8. මාලිගාවත්ත
  9. දෙමටගොඩ
  10. වැල්ලම්පිටිය කෙසෙල්වත්ත
  11. බොරැල්ල

ගම්පහ දිස්ත්‍රික්කය:

  1. වත්තල
  2. පෑලියගොඩ
  3. කඩවත
  4. රාගම
  5. මීගමුව
  6. පමුණුව
  7. ජාඇල
  8. සපුගස්කන්ද

කළුතර දිස්ත්‍රික්කය:

  1. හොරණ
  2. ඉංගිරිය
  3. වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම

කෑගල්ල දිස්ත්‍රික්කය:

  • මාවනැල්ල
  • රුවන්වැල්ල

කුරුණෑගල දිස්ත්‍රික්කය:

  1. කුරුණෑගල නගර සීමාව
  2. කුලියාපිටිය පොලිස් වසම

හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති කිසිදු පොලිස් ප්‍රදේශයකට ඇතුළු වීමට හෝ පිටවීමට කිසිවෙකුට අවසර නොලැබෙන බව යුද හමුදාපතිවරයා අවධාරණය කර සිටියා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.