බස්නාහිර ඇඳිරි නීතිය දිර්ඝ කෙරේ

බස්නාහිර ඇඳිරි නීතිය දිර්ඝ කෙරේ

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරි නීතිය නොවැම්බර් 09 වන දින අලුයම 5.00 දක්වා තවත් දින හතක් බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මීට අමතරව, හෙට අලුයම 5 සිට නොවැම්බර් 09 අලුයම 5.00 දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුණෑගල සහ කුලියාපිටිය පොලිස් කොට්ඨාශවලට ද ඇඳිරි නීතිය පනවනු ඇතැයි යුද හමුදාපතිවරයා පැවසුවා.

ඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවල නියුතු අය හැර වෙනත් පුද්ගලයින් තම නිවෙස් වලින් බැහැරට නොයා යුතු බවත් මහජනයා හැකිතාක් දුරට දිස්ත්‍රික් සීමාවන් ඉක්මවා ගමන් නොකර සිටිය යුතු බවත් යුද හමුදාපතිවරයා පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.