“සෞඛ්‍ය උපදෙස් අනුව දෛනික කටයුතු සිදු කිරීමට සූදානම්වන්න” – ජනාධිපති

කොරෝනා පාලනය කිරීම සඳහා විසඳුම් ලැබෙන තුරු රට වසා දැමිය නොහැකි බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදිමින් සුපුරුදු පරිදි සිය දෛනික කටයුතු කරගෙන යාමට සියලු දෙනා සූදානම් විය යුතු බව ජනාධිපතිතුමා පවසනවා.

කොඩ්වි මර්දනයට සහාය වීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය විසින් මෙහෙයවනු ලබන ‘සුවෙන් සිටිමු’ ඩිජිටල් ව්‍යාපෘතිය දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ඇඳිරි නීතිය පැනවීමෙන් පමණක් ජනතාව හැසිරවීමට තවදුරටත් කළ නොහැකි බවයි එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

රටේ ජීවිතය, ආර්ථිකය සහ අනෙකුත් සියලු අංශ සැලකිල්ලට ගනිමින් ජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කරසිටියා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.