ගල්කිස්සේ අතරු මාර්ගයකත් පුද්ගල මළ සිරුරක්

අද උදෑසන ගල්කිස්ස ප්‍රදේශයේ ගාළු පාර අසල අතුරු මාර්ගයක තිබී මළ සිරුරක් හමුවී තිබේ.

සැකකරුගේ මළ සිරුර අද පෙරවරුවේ ගල්කිස්ස පොලිසියට ලැබුණු තොරතුරකට අනුව හමුවිය.

මියගිය පුද්ගලයා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ පදිංචි 80 හැවිරිදි අයෙකි.

කෙසේ වෙතත්, දේහය කළුබොවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

මේ අතර පානදුර ප්‍රදේශයේ බණ්ඩාරනායක මාවතෙහි තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ සොයාගෙන තිබේ.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.