ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල නිවාස වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම අද සිට

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල නිවාස වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම අද සිට

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල නිවාස වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමේ වැඩසටහන අද සිට ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා පොලිස් ස්ථානවලින් අවසර ලබා ගත යුතු බවයි.

7000 කට වැඩි පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසුවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවාස වෙත ප්‍රවාහනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කළුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවා.

ඒ සඳහා සැපයුම්කරුවන් ඉක්මනින් ලියාපදිංචි කරන බව ද ඔහු සඳහන් කළා .

මේ අතර ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කරන බවයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.