ඩයනා සහ අරවින්දට පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ ආසන

ඩයනා සහ අරවින්දට පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂයේ ආසන

ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම පරිදි ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කර තිබෙනවා.

කථානායකවරයාගේ ආණුඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කල ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ.

මේ අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන් හය දෙනාට විපක්ෂයේ වෙනත් ආසන පැනවීමට පියවර ගෙන ඇති බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජන බලවේගයේ සාමාජිකයින් නවදෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන ලබා දෙන ලෙස ඉල්ලා විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියෙල්ල මහතා කථානායකවරයාට ලිපියක් යොමුකර තිබුණා.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීමෙදී සමගි ජන බලවේගයේ පහත සඳහන් සාමාජිකයින් ඊට පක්ෂව ඡන්දය දුන්නා.

  1. ඩයනා ගමගේ
  2. අරවින්ද කුමාර්
  3. ඉෂාක් රහුමාන්
  4. ෆයිසාල් කාසිම්
  5. එච්.එම්.එම් හාරිස්
  6. එම්.එස් තවුෆික්
  7. නසිර් අහමඩ්
  8. ඒ.ඒ.එස්.එම් රහීම්
  9. එම්.එම්.එම්.මුෂාරෆ්

ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment