ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම ගැන දිලිත් ජයවීර ප්‍රතිචාර දක්වයි (Video)

ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම ගැන දිලිත් ජයවීර ප්‍රතිචාර දක්වයි (Video)

කෝවිඩ් වෛරසය හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණයක් ලෙස භාවිතා කරන ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයෙකු විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ ව්‍යවසායකයෙකු වන දිලිත් ජයවීර සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

සමාගමක් විසින් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කරන බවත් එය හදිසි ටෙන්ඩරයක් මත සිදු කරන බවත් සඳහන් කරමින් යම් දේශපාලනඥයෙකු අදහස් ප්‍රකාශ කරන වීඩියෝවක් තමා මෑතකදී දුටු බවයි දිලිත් ජයවීර මහතා පවසන්නේ.

ඊට ප්‍රතිචාර දක්වමින් දිලිත් ජයවීර මහතා පවසන්නේ අලුතින් හැදිගෙන යන රට ඉදිරියට කරගෙන යෑමට එම දේශපාලඥයා ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලඥයින් විසින් සිදුකරගෙන යනු ලබන අශිෂ්ඨ අශිලාචාර බොරුවෙන් පිරුනු පල් වැඩ නතර කොට ව්‍යවසායකයා ව්‍යාපාරිකයා නගා සිටුවීම සඳහා වන පැහැදලි කතිකාවතකට එළඹීමට කාලය උදාවී ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා සමඟ වාද කිරීමේ කිසිදු තේරුමක් නැති බවත් එය සිදුවුවහොත් අදාළ දේශපාලනඥයා ඇතුළු විපක්ෂයේ බොහෝ දෙනාගේ අතීත හා වර්තමාන භාවිතයන් පිළිබඳව තමන්ට අදහස් දැක්වීමට හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.