මුහුණු ආවරණ සහ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා උපදෙස් මාලාවක්

මුහුණු ආවරණ සහ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා උපදෙස් මාලාවක්

කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් හුදකලා ප්‍රදේශවල, නිවාසවල සහ සාමාන්‍ය ජනතාව විසින් භාවිතා කරන මුහුණු ආවරණ වැනි අපවිත්‍ර ද්‍රව්‍ය බැහැර කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලුම පළාත් පාලන ආයතනවලට මෙම මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවයි.

අනුව,

  • හුදකලා ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා වෙනත් වාහන හා පිරිස් යෙදවිය යුතුය.
  • කෝවිඩ් ආසාදිත පුද්ගලයින් භාවිතා කරන මුහුණු ආවරණ සහ අත්වැසුම් ඉවත් කිරීමේදී කහ පැහැති බෑගයක් භාවිතා කළ යුතුය.
  • කහ පැහැති බෑග්වල තැන්පත් කර ඇති කසළ කිසි විටෙකත් ප්‍රතිචක්‍රීකරණය නොකළ යුතු අතර ඒවා නිසි ලෙස බැහැර කළ යුතුය.
  • වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සාමාන්‍ය ජනතාව භාවිතා කරන මුහුණු ආවරණ සහ අත්වැසුම් ඉවත දැමිය යුත්තේ සෝදා, වියළා දැමීමෙන් පසුවයි.

මෙම මාර්ගෝපදේශ මාලාව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් නිකුත් කර ඇති අතර, ආසාදන හා වසංගත වැළැක්වීම සඳහා මිනිසුන් භාවිතා කරන අපවිත්‍ර ද්‍රව්‍ය නිසා පරිසරයට සිදුවන බරපතල හානිය පිළිබඳව සැලකිලිල්ට ගනිමින් මෙය නිකුත් කර තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment