හින්දු බැතිමතුන් බැතියෙන් සමරන දීපාවලී දිනය අදයි

හින්දු බැතිමතුන් බැතියෙන් සමරන දීපාවලී දිනය අදයි

හින්දු බැතිමතුන් විසින් මහත් ගෞරවයෙන් සමරනු ලබන දීපාවලි දිනය අදට යෙදී තිබේ. නාරගාසුරන් නම් අසුරයා විෂ්ණු දෙවියන් විසින් පරාජය කිරීම සැමරීම සඳහා හින්දු බැතිමතුන් දීපවාලි සමරති.

වෛදික සාහිත්‍යයට අනුව පරාජිත නාරගාසුරන් අසුරයා විසින් විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ තමාට ලැබී ඇති ආකාරයට ආලෝකය දැකීමට ලෝකයේ සෑම කෙනෙකුටම ඉඩ සලසා දෙන ලෙසයි.

හින්දු බැතිමතුන් මේ දිනය සමරන්නේ පහන් දල්වා ආගමික වතාවත්වල යෙදීමෙන් සියලු දෙනාගේ සිත් තුළ ආලෝකය පැතිරෙනු ඇතැයි යන ඒකායන බලාපොරොත්තුවෙනි.

දීපවාලි දිනයේ තවත් චාරිත්‍රයක් වන්නේ අයුක්තියට එරෙහිව ධර්මය ලැබූ ජයග්‍රහණය සංකේතවත් කරන පහන් මාලාවක් දැල්වීමයි.

මියගියඥාතීන් සිහි කිරීම සඳහා කෝවිල් වෙත ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමතුන් රසකැවිලි අනුභව කරමින් මේ දිනය සතුටින් සමරති.

දීපවාලි දිනයේ හින්දු බැතිමතුන්ගේ පැතුම ධර්මය විසින් පාලනය කරනු ලබන සමෘද්ධිමත් අනාගතයකි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Tags: ,
Leave your comment