ඩොනල්ඩ් ට්‍රම්ප් උසාවි යයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් රිපබ්ලිකන් පක්ෂය අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රාන්ත හතරක ඡන්ද ගණන් කිරීමට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පෙන්සිල්වේනියා, මිචිගන්, ජෝර්ජියා සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල මෙම අර්බුදය ඇති වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විස්කොන්සින් ප්‍රාන්තයේ ප්‍රතිඵල නැවත ගනන් කරන ලෙස රිපබ්ලිකන් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

පෙන්සිල්වේනියා, මිචිගන් සහ ජෝර්ජියාවේ ඡන්ද ගණන් කිරීම ද අත්හිටුවන ලෙසයි රිපබ්ලිකන් පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මේ වන විට ඉදිරියෙන් සිටිනවා.

මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව ඡන්ද විද්‍යාල 264 ක බලය තහවුරු කර ඇති ඔහුට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද විද්‍යාල හයක බලය පමණයි.

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල 214 ක බලය තහවුරු කරගෙන තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.