දුමින්ද සිල්වා නිදහස් කළ යුතුයි – මනෝ ගනේෂන්

දුමින්ද සිල්වා නිදහස් කළ යුතුයි – මනෝ ගනේෂන්

මරණ දඬුවම නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කොට සමාජයට නැවත එක්විය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මනෝ ගනේෂන් මහතා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ මිනීමැරුම් චෝදනාවක් මත මරණ දඬුවම නියම වූ හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිද්ධිය වන අවස්ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවයි.

මනෝ ගනේෂන් මහතාගේ ලිපියේ සඳහන් වන්නේ මෙම වරද සම්බන්ධයෙන් ඔහුට වසර පහකට ආසන්න සිර දඬුවමක් නියම කර ඇති බවයි.

මනෝ ගනේෂන් සිය ලිපියේ සඳහන් කර ඇත්තේ තමා සැමවිටම මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින දේශපාලනඥයෙකු බවත් තරුණයින් වැඩි කලක් සිරගත නොකරන ලෙසත්ය.

එබැවින් මනෝ ගනේෂන් සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ වැරදි නිවැරදි කර නිවැරදි මාවතකට යාමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි.

දුමින්ද සිල්වාට වසර පහක සිර දඬුවමක් නියම කර ඇති අතර ඔහු පුනරුත්ථාපනය කර ඇතැයි තමන් විශ්වාස කරන බවයි ඔහු පවසන්නේ.

එබැවින් ඔහුට නැවත සමාජයට එක්වීමට අවස්ථාවක් ලබා දිය යුතු බව මනෝ ගනේෂන් පවසයි.

දේශපාලන හේතුන් මත දෙමළ දේශපාලන සිරකරුවන් ද දීර්ඝකාලයක් සිරගත කර ඇති බවත් ඔවුන් ද පුනරුත්ථාපනය කර ඔවුන්ගේ පවුල් සමඟ සාමාන්‍යයෙන් ජීවත් වීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් මනෝ ගනේෂන් මහතා පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.