ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන අද සිට නැවත ආරම්භ වේ

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද සිට නැවත ක්‍රියාත්මක වනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා ප්‍රකාශ කළේ ඒ අනුව රත්මලාන, බොකුන්දර, මීගොඩ, වේයංගොඩ සහ නාරහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් ආරම්භ කරීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත්, මෙම මධ්‍යස්ථානවල සිල්ලර වෙළඳාම සිදු නොකෙරෙන බවද ඒ මහතා පැවසුවා.

මෙම මධ්‍යස්ථාන හරහා පිට පළාත්වල එළවළු තොග බස්නාහිර පළාතේ ගැනුම්කරුවන්ට බෙදා හැරීමේ අරමුනින් මෙලෙස මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත්ත කිරීමට පියවර ගත් බවයි ඔහු සඳහන් කළේ.

අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වන විට විෂබීජහරණය කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.