මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අදින් අවසන්

මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අදින් අවසන්

2015 නොවැම්බර් 13 දින පිහිටුවන ලද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ධුර කාලය අදින් අවසන් වනවා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වූ අතර එහි සභාපතිත්වය දැරුවේ මහින්ද දේශප්‍රිය මහතා විසින්. මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නීතිඥ නලින් අබේසේකර යන අය එහි සෙසු සාමාජිකයෝ වුනා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි. කෙසේ වෙතත් ඒ සඳහා මෙතෙක් සාමාජිකයින් පත් කර නැහැ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලබන සාමාජිකයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ ලැබීමෙන් පසු කොමිසමේ නව සාමාජිකයින් පත් කරනු ලැබීමට නියමිතයි.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.