බස්නාහිර පළාතෙන් ගිය අය සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න

බස්නාහිර පළාතෙන් ගිය අය සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න

29 සහ 30 යන දෙදින තුළ බස්නාහිර පළාතෙන් පිටත්ව ගිය අය දැනට සිටින ස්ථානයේ ම දින 14 ක ස්වයං නිරෝධායනයකට ලක් කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා පවසන්නේ බස්නාහිර පළාතෙන් පිටවීම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍යවල සටහන් තැබූ අය පිළිබඳව විශේෂ විමර්ශනයක් දියත් කර ඇති බවයි.

ඒ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධය ප්‍රකාශක වරයා;

“ෆේස්බුක් එකේ, ඉන්ස්ටර්ග්‍රැම්වල දාලා තිබුණා ‘අපි වෙලාවට පැනආවා’ කියලා කට්ටිය. ඒ අය ගැන අන්තර්ජාලය හරහා අපි මෙහෙයුමක් දියත් කරලා තියෙනවා තාක්ෂණික සහය ලබාගෙන. ඔවුන්ගේ ඊමේල් හා ෆේස්බුක් ඇඩ්‍රස් අරගෙන. ඒ අයට එරෙහිවත් අපි ක්‍රියාකරනවා. මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. නමුත් රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම මේ ක්‍රියාමාර්ග ගන්න වෙනවා.

පොලිස් වසමක තියෙන හේටල්වල නවාතැන්පොළවල්වල විස්තර පොලීසිය සතුව තියෙනවා. කළමනාකරුවන් කියන්න එපැයි තමන්ගේ ආයතනයට ආවේ කවද්ද කියලා. එහෙම කිව්වේ නැත්නම් ඒ හෝටලයේ කළමනාකරුවන් සම්පූර්ණයෙන්ම වරදක් කරනවා.

අනිවාර්යයෙන්ම ආපු දිනේ කියන්න ඕනේ. 29 හෝ 30 හරි ඇවිල්ලා තියෙනවා නම් ඒ අයගේ පොත් මේන්ටේන් කරන්න ඕනේ එන යන අය ගැන. ඇත්ත කිව්වේ නැත්නම් ඒ අයට විරුද්ධවත් කටයුතු කරනවා. ඔවුන්ගෙන් විස්තර අරන් වැඩිදෙයක් කරන්නේ නෑ. ඔවුන්ව ඉන්න ස්ථානයේම දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු කරනවා.”


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.