පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අද 3වෙනකං  විවෘතයි

පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අද 3වෙනකං විවෘතයි

අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසන්නේ පිටකොටුව අත්‍යාවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අද (3) දින විවෘතව පවතින බවයි.

4 වන සහ 5 වන හරස් වීදිවල වෙළඳසැල් අලුයම 5 සිට පස්වරු 3 දක්වා විවෘතව පවතින බව එහි සභාපති ජී. රාජේන්ද්‍රන් මහතා පැවසුවා.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙළෙඳුන් හට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණිය හැකි බව ඔහු පැවසුවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.