මුහුණු ආවරණ නැතිව හිටියොත් අඩංගුවට පත්විය හැකියි

මුහුණු ආවරණ නැතිව හිටියොත් අඩංගුවට පත්විය හැකියි

මුහුණු ආවරණ පැළඳ නොසිටීම හා දුරස්ථභාවය පවත්වා නොගැනීම හේතුවෙන් පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසනවා.

ඔක්තෝබර් 15 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ පැළඳීම සහ පෞද්ගලික දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

මේ අතර ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 220 දෙනෙකු බස්නාහිර පළාතෙන් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔක්තෝබර් 04 වන දා සිට බස්නාහිර පළාත ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 2,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි අජිත් රෝහන මහතා පවසන්නේ.

එම කාලය තුළ වාහන 340 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.