ධීවර අංශයේ ණය ලබා ගත් අයට සහන

ධීවර අංශයට සම්බන්ධ පුද්ගලයින් විසින් ගනු ලබන ණය සඳහා සහන සැලසීමට රජය සැලසුම් කරතිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහ බැංකුව සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ධීවර වරාය සංවර්ධන, බහු දින ධීවර හා මත්ස්‍ය අපනයන අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරනවා.

මීට අමතරව ධීවර සංස්ථාව හරහා ඉස්සන් හා කකුළුවන් වැනි ජලජ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඔහු පවසනවා.

කොරෝනා ව්‍යාප්ත වීමත් සමඟ ඔක්තෝබර් 21 වන දින පෑලියගොඩ මතස්‍ය වෙළඳපොල වසා දැමීමත් සමඟ රු. මිලියන 75 ක් වටිනා මතස්‍ය තොග ධීවර සංස්ථාව මේ වන විට මිලදී ගෙන තිබෙනවා.

එම මතස්‍ය තොග ආරක්ෂිතව ගබඩා කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.

Leave your comment