අද තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි

අද තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට මෙරට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 10 මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 42 ක සහ 67 කාන්තාවන් දෙදෙනෙක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 67 ක පිරිමි පුද්ගලයෙක් සහ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 88 ක කාන්තාවක් වනවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.