කසළ බහාලුම් 20 ක් අද යළි එංගලන්තයට

එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට අපනයනය කරන ලද කසළ බහාලුම් 20 ක් අද පස්වරුවේ නැවත එංගලන්තයට යවන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

රේගුව පැවසුවේ අනෙක් බහාලුම් 65 එංගලන්තයට ලබන මස 4 වන දින නැව්ගත කිරීමට නියමිත බවයි.

එංගලන්තයෙන් ආනයනය කරන ලද කසළ බහාලුම් 242 ක් ආපසු එරටට යවන ලෙස අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.

මෙම කසළ බහාලුම් ආනයනය කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කිරීම අවසන් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

කසළ බහාලුම් ආනයනය කිරීමට දායක වූ සියලුම සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේය.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.