හොරාණ 90 හැවිරිදි කාන්තාවකට කොරෝනා

හොරාණ 90 හැවිරිදි කාන්තාවකට කොරෝනා

හොරාණ වැල්මිල්ල ප්‍රදේශයේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

90 හැවිරිදි කාන්තාවක් ද ඒ අතර සිටින බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවා.

ඔවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ඒ මහතා පැවසුවේ.

මේ අතර, මිනුවන්ගොඩ / පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 9,096 ක් බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

එම කොවිඩ් පොකුර ඔක්තෝම්බර් 3 වන දින හඳුනා ගනු ලැබුවා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.