ජයසූරියගේ අයිසීසී තහනම අදින් අවසන්

ජයසූරියගේ අයිසීසී තහනම අදින් අවසන්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරිය මහතා වෙත පනවා තිබූ වසර දෙකක තහනම අදින් අවසන් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා විසින් මේ පිළිබඳව තමාට නිල වශයෙන් දැනුම් දුන් බව සනත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය දැරූ කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ විමර්ශනයන්ට සහයෝගය නොදැක්වීම හේතුවෙන් 2018 වසරේ දී සනත් ජයසූරිය මහතා හට වසර දෙකක තහනමක් පැනවුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ජයසූරිය මහතාට වසර දෙකක කාලයක් කිසිදු ක්‍රිකට් කටයුත්තකට සහභාගි වීම තහනම් කරමින් මෙම තහනම පනවා තිබූ අතර එම සීමාවන් අදින් අවසන් වුණා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.