හෙට සිට හුදෙකලා වන පොලිස් කොට්ඨාශ මෙන්න

මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඥ්ඥ වීදිය, වේල්ල වීදිය සහ කැලනිය පොලිස් කොට්ඨාශ හෙට අලුයම 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

මේ වන විටත් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් කොට් 13 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 6 ක් එම තත්ත්වයේම පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, කුරුණගල මහ නගර සභා සීමාව, කළුතර දිස්ත්‍රික්කයේ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී බලප්‍රෙද්ශය සහ තවත් පොලිස් කොට්ඨාශ 5 කට පවනා තිබූ හදකලා සීමාවන් අද පෙරවරු 5 සිට ඉවත් කෙරුණා. කුලියාපිටිය, හොරාන, ඉන්ගිරිය, රුවන්වැල්ල සහ මාවනැල්ල පොලිස් කොට්ඨාශ ද ඊට අයත්.

මේ අතර, බස්නාහිර පළාතේ සිට වෙනත් පළාත්වලට යන පුද්ගලයින්ට පනවා ඇති ගමන් තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.


ඇත්ත නැත්ත හැම දෙයක්ම දැනගැනීමට පිවිසෙන්න ඇත්ත ගොසිප් ෆේස්බුක් සමූහයට සහ පිටුවට.